ප්‍රස්ථාව පිරුළු
අටුව කඩා පුටුව හැදුවා වගෙයි.
> වටිනාකමින් වැඩි දෙයක් නැති කර ගනිමින් වටිනාකමින් අඩු දෙයක් ලබා ගත් විට / ඉතා අඩු ලාභයක් වෙනුවෙන් වැඩි පාඩුවක් සිදු වූ විට.
අඟේ ඉඳන් කන කනවා වගෙයි.
> යමකු සමීපයේ සිටිමින්, ඔහුගෙන් වාසි ලබමින් ඔහුටම හානි දායක ලෙස කටයුතු කරන විට.
අලි යන කපොලු තියෙද්දී කූඹි යන හිල් වහන්නා සේ.
> විශාල වැරදි හා ඒවා කරන පුද්ගලයින් සිටිය දී, ඉතා කුඩා වැරදි කරන්නවුන් අල්ලා ඔවුන්ට දඬුවම් කර එම කුඩා වැරදි නිවැරදි කරන විට.
ඇස් අරවන්නට කොළ සඳුන් ගාන්නා සේ.
> යම් ප්‍රශ්නයකට කළ යුතු විසඳුම් තිබිය දී වෙනත් දේ කරන විට.
අඬුව තියෙද්දී අත පුච්චා ගත්තා සේ.
> යම් කටයුත්තක් කිරීමට සම්මත නිවැරදි ක්‍රමයක් තිබිය දී, වෙනත් ක්‍රමයකට කරන්නට ගොස් අපහසුවට පත් වූ විට.
අන්දරේ සීනි කෑවා වගේ.
> යමෙක් උපක්‍රමශීලීව තම අරමුණ ඉටු කර ගත් විට.
අබරා සිල් ගත්‍තා වගේ.
> යම් කෙනෙක් තමන්ට නුහුරු නුපුරුදු දෙයක් කරන්නට ගොස් අපහසුවට පත් වූ විට.
අකලට පල ගත් ගෙඩියක් වගේ.
> අපේක්ෂා නොකළ අවස්ථාවක දී ලාභයක් හෝ වාසියක් සිදු වූ විට.
අශ්වයාට අං ආවා වගේ.
> යමකින් අහංකාරව සිටින කෙනකුට තවත් අහංකාර වීමට දෙයක් ලැබුණු විට.
දැනුම
Friday, May 29, 2020
Sunday, October 27, 2019
අපේ දහම් පාසල
1 ශ්‍රේණිය
දහම් පාසල
2 ශ්‍රේණිය
දහම් පාසල
3 ශ්‍රේණිය
දහම් පාසල
4 ශ්‍රේණිය
දහම් පාසල
5 ශ්‍රේණිය
Link - දහම් පාසල් පෙළ පොත් - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
හදිසි අනතුර PDF
අද්භූත ආගන්තුකයා PDF
ඕලන්ද නෞකාව PDF
ගින්දර සමග සෙල්ලම්PDF
Subscribe to:
Posts (Atom)